අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සහන සැලසීමට ධීවර අමාත්‍යංශයෙන් යාත්‍රා

    මැයි 26, 2017
    හදිසි ආපදා තත්ත්වය නිසා ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදා ගැනීමට සඳහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් කමිටුවක් පත් කොට ඇත.
     
    ඒ අනුව ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු හා වෙනත් යාත්‍රා ලබාදීමට පත් කමිටුව පහත පරිදි වේ.
     
    අධ්‍යක්ෂ එච්.එම්. පාලිත මහතා -                   0716 453 402
    අධ්‍යක්ෂ එම්.මාර්කස් මහතා -                      0774 652 278
    ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කපිල ජනක බණ්ඩාර -   0773 410 575
     
    මේ අතර දකුණු පළාතේ අවතැන් ව සිටින ජනතාව සඳහා අවශ්‍ය පිසූ ආහාර හා ජලය ලබාදීමට ද වැඩපිළිවෙළක් ධීවර අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.
     
    අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති හදිසි ආපදා කළමනාකරණ රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya