අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝ නොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි

    මැයි 25, 2017
    බෝ නොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරය අමතමිනි.
     
    සමුළුව ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වීය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දේශණ දෙකක් පවත්වන ලදී. එක් දේශනයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත් වූ අතර, අනෙක් දේශනය සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා සහ ලතින් ඇමරිකා යන රටවල් වෙනුවෙන් පැවැත්වීය. 
     
    සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කමිටුවෙි සභාපතිවරයා වන්නේ ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. 
     
    ධරණීය සංවර්ධනය ලඟා කර ගැනීම සඳහා ජනතාව ද ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් කළ යුතු මෙන් ම එය ප්‍රවර්ධනය කළ යුතු යැයි ද පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු අතර ම සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ලක් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.24 ක් වැය කරනු ලබන බවද පෙන්වා දුන්නේය.
     
    "වසර 30ක යුද්ධයක් පැවැති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය අභියෝගයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාස්තිය හා දූෂණය අවම කිරිමට පියවර ගෙන තිබෙනවා. ප්‍රාථමික මෙන්ම ද්විතීයික සත්කාරක සේවා වැඩි කර ඇති අතර, මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ශ්‍රී ලංකාවට ලබාදූන්නා. නැවත එය හිස එසවීමට ඉඩ ලබාදෙන්නේ නැහැ. බෝනොවන රෝග පාලනය කිරීමෙි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි". 
     
    "ඩෙංගු, H1N1 වෛරස් රෝග පාලනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයයි. ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍ය වන අතර, නිසි කළමනාකාරීත්වය ද වැදගත් වෙනවා. රෝගීභාවය දූප්පත්වීම සඳහා බලපාන එක් ලක්ෂණයක්. එම නිසා ලක් රජය නොමිලේ සිදූ කරන සෞඛ්‍ය සේවාව මගින් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා". 
     
    "අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරිම, අක්ෂි කාච මිල අඩු කිරිම, පිළිකා ඖෂධ මිල අඩු කිරිම ඒ අතර ප්‍රධාන වෙනවා. එමගින් ජනතාවට සිදූවන වැයබර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි. දූම්කොල සඳහා බදු වැඩි කළ එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි. එය ස්ථීර අධිස්ථානයෙන් සිදූ කළ යුතු වැඩපිළිවෙළක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරිම, සියයට 80 රූපමය අවවාද, දුම්කොල සඳහා සියයට 90 ක බදු පැනවීම, සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීම සහ දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදා ගැනීම ලක් රජය ගත් පියවර අතර වෙනවා. මෙම පියවර හේතුවෙන් රජයේ බදු ආදායම ද අඩු වුණා". 
     
    "බෝනොවන රෝග පාලනය කිරිම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. හඳුනානොගත් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සඳහා පර්යේෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හඳුනාගත් ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා". 
     
    සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පැවැත් වූ දේශනයේ දී එම රටවල් මුහුණ දී සිටින සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කරුණු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya