අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා අමාත්‍යංශය රටේ ජාතියේ අනාගතය තීරණය කරන සාධකයක්

    මැයි 25, 2017
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය රටේ ජාතියේ අනාගතය තීරණය කරන සාධකයක් බවට සියලු දෙනාම තේරුම්  ගෙන ඇති බවත් රජයේ ප‍්‍රධාන බලාපොරොත්තුව රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීම යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. 
     
    අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවත, නිපුණතා පියසේ පිහිටි, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. 
     
    "අපි රැකියා දශ ලක්ෂයක් නිර්මාණය කරනවා කියලා කට වචනයට කියලා වැඩක් නැහැ. ඒ සඳහා අවශ්‍ය රැකියා පුරප්පාඩු තියෙන්නේ මේ රටේ කොතනද? ලෝකයේ කොතනද? ඒ පුරප්පාඩුවලට අවශ්‍ය කරන කුසලතාවය අපි අපේ තාරුණ්‍යයට ලබාදීමේ වගකීම නිසිලෙස ඉටුකරන්න  ඕන".
     
    "අද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් බිහිවුණාට අවශ්‍ය තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයක් මේ රටේ විශාල වශයෙන් තියෙනවා. ඒ හිඩැස පිරවීමේ වගකීම මේ අමාත්‍යාංශයට තමයි තියෙන්නේ. ඒ වගකීම නිසිලෙස නොකිරීමේ කුමන හෝ හේතුවක් මත අද රටේ සංවර්ධනය කාර්යයට බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ලෝකයේ ඉහළ වැටුප් ගෙවන රැකියා ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් මේ රටේ තරුණ තරුණියන් යොමුකිරීම සඳහා අපි අමාත්‍යාංශයක් හැටියට අද සිට වැඩ ආරම්භ කරනවා" යැයි ද කීය. 
     
    මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයා වන මහින්ද සමරසිංහ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍යාංශ ලේකම් (වැඩබලන) අශෝකා ඉලංගම්ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ද, ගාලු දිස්ත‍්‍රික් නියෝජනය කරන බලපිටිය ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක, පී. දයාරත්න, ගාල්ල දිස්ත‍්‍රික් පළාත් සභා මන්ත‍්‍රී, රත්ගම ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගේ, බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක ගයාන් සිරිමාන්න, අක්මීමන ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, අනිල් ප‍්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායකවරුන් හා  ප‍්‍රාදේශීය මහජන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya