අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රතිපත්තිය රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමයි - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මැයි 23, 2017

    රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතු බවට අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් නීතිය අවභාවිත කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත්  සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

    මේ දිනවල විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් තැන් තැන්වල සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළැබි බවද අමාත්‍යවරයා පැවසී ය. ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් අමාත්‍ය මණ්ඩලයත් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද පැවසීය.

    නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු භේදයකින් තොරව සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූ බවද අමාත්‍යවරයා පැවසීය.

    තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රදේශය බාර පොලිස් ස්ථානාධිපතිවරයට ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද මේ අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya