අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පරිසර සතිය 29දා සිට

    මැයි 23, 2017
    ජුනි මස 05දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමඟාමීව මැයි 29දා සිට ජුනි 05දා දක්වා ජාතික පරිසර සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද ජගත් පරිසර දින සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05දා කළුතර වර්නන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    ඒ අනුව මැයි 29දා පරිසරය පිළිබඳ දැනුම්වත් කිරීමේ දිනය, මැයි 30 පරිසරය පවිත්‍ර කිරීමේ දිනය, මැයි 31 කසල කළමනාකරණ දිනය, ජුනි 01දා රැක් රෝපණ දිනය, ජුනි 02දා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය, ජුනි 03දා ජෛව විවිධත්වය සරක්ෂණ දිනය, ජුනි 04දා තිරසර ඉඩම් කළමනාකරණ දිනය හා ජුනි 05 ජගත් පරිසර දිනය වශයෙන් මෙම සතියේ දිනයන් නම් කොට ඇත.
     
    මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත්තේ "සොබාදහම හා බැඳුණු ජනතාවක්" යන්නයි.
     
    1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැති පරිසර සමුළුවේ දී ගන්නා තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි 05දා ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ප්‍රථම ජගත් පරිසර දිනය 1974 වසරේ දී සමරනු ලැබීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya