අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැබෑ මාධ්‍ය නිදහස ඇති කළා - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මැයි 23, 2017

    තමා පිළිබඳ ප්‍රචාරයක් ලබාදෙන ලෙස කිසිදු අවස්ථාවක මාධ්‍යයට බලපෑමක් සිදු නොකළ අතර සැබෑ මාධ්‍ය නිදහස ඇති කිරීමට හැකි වූ බවත් තමාට ලැබුණු නව අමාත්‍යාංශය පිළිබඳ අතිශයින් සතුටට පත් වන බවත්  හිටපු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය හා අභිනව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    අමාත්‍යවරයා වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සමුගැනීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    විද්‍යුත් මාධ්‍ය නියාමන පතන තව මාසයක් වැනි කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කළ බවත් තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කර මාස 6ක් වැනි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම රූපවාහිනී ආයතනය අහිමිව තිබූ ක්‍රිකට් විකාශන අනුමැතිය කැබිනට් පත්‍රිකාවකින් ලබාදීම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඉවතලන කඩදාසි සඳහා ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියක් සකස් කර විශාල ලාභයක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම, සිනමාව සඳහා වසර ගණනාවක් නොපැවැත්වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල පැවැත්වීම  යනාදී වශයෙන් අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල අඩුපාඩු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමරදේව අසපුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමට මේ වන විට මුදල් ප්‍රතිපාදන ද ලැබී තිබෙන අතර එය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් මාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා ඉඩමක් ලබාදීමේ කටයුතු තමට සිදු කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

    ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික කර්තව්‍ය තමා වෙත පැවරී ඇති බවත් ජනතාව අතර යමින් ජනතාව වෙනුවෙන් වැඩකිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා, අතිරේක ලේකම්වරුන්. අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya