අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ අවසන් විසඳුම නොවේ. ප්‍රතිඵල වෙනුවෙන් කැපවිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    මැයි 23, 2017
    GSP+බදු සහන ලබා ගැනීමෙන්  පමණක් එහි පුර්ණ වාසිය ශ්‍රී ලංකාවට නොලැබෙන බවත් ප්‍රතිඵලය සඳහා කැපවිය යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. 
     
    ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ බදු සහන පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
     
    "ශ්‍රී ලංකාව 2005 සිට 2010 දක්වා GSP+ බදු සහන ලාභියෙක් ලෙස කටයුතු කළා. එය ජාතියට අහිමි වන්නේ රාජපක්ෂ පාලනයේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්. GSP+ අහිමි වීමෙන් වැසීගිය ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 200කට අධිකයි. GSP + බදු සහනයේ සැබෑ ආර්ථික ප්‍රථිලාභ අත්කර ගැනීමට නම් නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුව කටයුතු කරමින් ඊට අදාල ව්‍යුහමය වෙනස්කම් සිදු කළ යුතුයි. ගත වූ වසර 7 ක කාල සිමාව තුළ අපිට අහිමි වූ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ආර්ථික ප්‍රතිලාභ  ළඟාකර ගැනීමේදී ගෝලීය ආර්ථික තත්ත්වය සහ නව ආර්ථික ප්‍රවණතා පිළිබඳ සංවේදී වීම අතිශය වැදගත්". 
     
    "අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආයෝජකයන්ට පවතින විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමයි. ආර්ථික ක්‍රමවේද වෙනස් කිරීමේදී නිෂ්පාදන වියදම අවම කිරීම ද වැදගත්. එසේම ජල, විදුලි, දුරකථන ඇතුළු අනෙකුත් පිරිවැය පිළිබඳ සලකා බැලීමත් අත්‍යවශ්‍යයි. බදු ක්‍රමවේද සරල කිරීම, නීති රීති සරල කිරීම, ලියකියවිලි අවම කිරීම, අතරමැදියන් අවම කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත්. කලාපිය වශයෙන් ගත්කළ ආයෝජන සහන වෙනත් රටවල සිදු කරන ආකාරය පිළිබඳ අප පුළුල් හා විධිමත් අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එසේ නොවන්නේ නම් ආයෝජකයන් විකල්ප අවස්ථාවන්ට යොමු වී අපේ රටට ලැබෙන ආයෝජන වෙනත් පැත්තකට යොමු කිරීම වළකා ගත නොහැකියි".
     
    කොතරම් දක්‍ෂ ක්‍රීඩකයෙක් වුවද තරගයකට යොමු වීමේදී හොදින් සුදානම් විය යුතුයි. පෙර පුහුණු වීම් ද කළ යුතුයි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හොඳින් අධ්‍යයනය කිරීම ද වැදගත්.  GSP+ සහනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේදීත් එලෙසින්ම  හොඳ තරගයකට මුහුණ දීමට අප රටක් සහ රජයක් ලෙස සුදානම් විය යුතුයි. එසේ නොවුනහොත් GSP+ සහනයේ සැබෑ වාසිය අපිට ලබා ගත නොහැකි වනු ඇති. මෙහිදී මෙරට ශ්‍රම බලකාය මැනවින් ශක්තිමත් කිරීම, තාක්‍ෂණික දැනුමින් සන්නද්ධ කිරීම, තරගකාරී නිෂ්පාදන ක්‍රියාවලියකට හුරු කරවීම, ප්‍රමිතිගත ශ්‍රමිකයෙකු බවට පත්කර වැඩ ලෝකයේ ඉහලට යා හැකි ලෙස තරුණ තරුණියන් කුසලතා පුර්ණ පිරිසක් බවට පත් කිරීම ආදිය අනිවාර්යෙන් සිදු කළ යුතුයි. එසේම මහපාරේ  කෑ මොර දෙන දේශපාලන අතකොලු බවට පත් නොවී රටේ සමස්ත තාරුණ්‍ය ජාතික වශයෙන් වැදගත් පිරිසක් බවට පත්වීමට මෙය අවස්ථාවක් කරගත යුතු  බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.  
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya