අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩරට අමරපුර මහ නිකායේ මහ නාහිමි පදවි ප්‍රාප්තිය

    මැයි 22, 2017
    උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරයට පත්  අති පුජ්‍ය නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (22) නුවරඑළියේ දී සිදු කෙරේ.
     
    උඩරට අමරපුර නිකායේ මහා නායක ධූරය දැරූ රාජකීය පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද නායක හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව නුවරඑළියේ චන්ද්‍ර ජෝති නාහිමියන් උඩරට අමරපුර නිකායේ වැඩබලන මහා නායක ධූරය හෙබවීය.
     
    විදුරුපොල ශ්‍රී සුමන්ගලාරාම විහාරස්ථානයට රැස්වූ උඩරට අමරපුර නිකායේ කාරක සංෂසාභාව ඒකමතිකව නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමියන් නව මහා නායක ධූරයට පත් කරනු ලැබු අතර එහි ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදාන මෙහිදි සිදුකෙරේ.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර  මහා සංඝ සභාවේ සභාපති, කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක අති පුජ්‍ය දොඩම්පහල දන්ද්‍රසිරි නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya