අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි

    මැයි 21, 2017

    දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වනතරමක් තද සුළං  සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වැසි ඇතිවන අවස්ථාවලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

    ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya