අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයට ඉඩම පවරා ගැනේ

    මැයි 21, 2017

    ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ එකතුවීමටත් මෙරට තුළ නවීන  තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් බිහිකිරීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.

    එහි එක් පියවරක් ලෙස ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පැවති ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.  ඒ අනුව යෝජිත ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය කුලියාපිටියේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කුලියාපිටිය නාරංගල්ල පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියට අයත් අක්කර 15 ක භූමි භාගයක් පවරා ගැනීමේ කටයුතු පසුගියදා විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන්  සිදු කෙරිණි.

    2017 වසරේ ජූනි මස වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් මස අවසන් කිරීමට සැලසුම් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ KOICA ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ඉදි කෙරෙන අතර මේ සඳහා වන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 1911 ක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya