අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදාව දින 10 ක් තුළ නව ඩෙංගු වාට්ටු ද්විත්වයක් ඉදිකිරීමට පියවර

    මැයි 20, 2017

    අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ ඩෙංගු මර්ධන ත්‍රෛමාසික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහල සහ රාගම ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඩෙංගු රෝගීන් සඳහා වූ වාට්ටු ද්විත්වයක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා ඒකකය සහ අනෙකුත් බලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව රෝහල්වල පවතින ඩෙංගු රෝගීන්ගේ තදබදය අවම කිරිමේ අරමුණින් දින 10 ක් ඇතුලත මෙම වාට්ටු ඉදිකිරීමට නියමිත අතර, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ  සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න මහතාගේ මඟපෙන්විම යටතේ 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ, 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් එම ඉදිකිරිම් කටයුතු සඳහා යොදවා ඇත.

    මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීගේ සහභාගීත්වයෙන් පසුගිය දා   උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මෙම ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ අතර, මෙහි එක් වාට්ටුවක රෝගීන් 30 දෙනෙකු සඳහා පහසුකම් සැලසීමට නියමිතය.

    රෝහල් අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් බලධාරීන් ද මෙම ආරම්භක අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    එමෙන්ම, මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා, හිටපු අමාත්‍ය පිලික්ස් පෙරේරා මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් රාගම රෝහල් පරිශ්‍රයේ පැවති ඉදිකිරිම් ආරම්භක අවස්ථාව සඳහා සහභාගි වූහ.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya