News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිවීම් - පැවති රජයන් හා දේශපාලන නායකයිනුත් වග කිව යුතුයි
20
May

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිවීම් - පැවති රජයන් හා දේශපාලන නායකයිනුත් වග කිව යුතුයි

Published in කාලීන සිදුවීම් සහ දේශපාලන
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email

“ වසර 25 කට ආසන්න කාලයක් තුළ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස සිදුවු අනවසර පදිංචිවීම් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවත්, පැවති රජයනුත් වගකිව යුතු  යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට දකින්න පුළුවන් ගෙවල් හදලා තියෙන්නේ වහලවල් දුම්රිය මාර්ගයට ඉතාම ආසන්නව බව. ඒ හේතුවෙන් දුම්රිය මගීන්ගේ ජිවීත අනතුරට ලක් වෙනවා. ඒ වගේම ඒ ගෙවල්වල ඉන්න පොඩි දරුවන් ඇතුළු අනෙක් නිවැසියන්ගේත් ජිවීත තර්ජනයට ලක් වෙනවා. මේ ආකාරයට ගෙවල් හදාගන්න වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවවත් මීට අවශ්‍ය කටයුතු කළේ නැහැ. ඒ වගේම දේශපාලන නායකයන්ගෙත් වැරැද්දක් තියෙනවා. බොහෝවිට දේශපාලන බලපෑම් මතත් මේ සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ නිසි වේලාවට අරගෙන නැහැ. ඒත් දැන් අපි ඒකේන් දුක් විඳිනවා 

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ , ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති, කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට පෙර අදාළ සමාජ ආර්ථික සමීක්ෂණය පිළිබඳව කොළඹ ප්‍රදේශයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීමේ රැස්වීමකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ : මේ රැස්වීම පැවැත්වීමට අපි අදහස් කළේ මේ සමීක්ෂණයට අදාළ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය දැනුවත් කිරීමත්, අපි සියලු දෙනා මේ පිළිබඳව හරිහැටි දැනුවත් වීම සඳහායි. එසේ නැතිවුවහොත් මේ සමීක්ෂණය කිරීමට යාමේදී විවිධ මත ජනතාව අතරට යන්න පුළුවන්. ඒ තුළින් විරෝධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩ කටයුත්ත කඩාකප්පල් වෙන්නත් පුළුවන් බවයි.

අපි මේ කරන්නේ දීර්ඝ කාලීනව මාර්ග තදබදය නැති කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වඩාත් හොඳ ප්‍රවාහන පහසුකම් සලසා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමයි. මේ කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කරන්න අපිට පුළුවන් කම තියෙනවා. ඒ හේතුවෙන් ගමනාගමනය සඳහා වැයවන කාලය අඩු වෙනවා.

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා විශාල මගී ජනතාවක් මහාමාර්ගයෙන් ගේනවාට වඩා දුම්රිය මාර්ගයෙන් කොළඹට ගේන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම බස් ගාස්තුවලට වඩා දුම්රිය ගාස්තු 40%න් අඩුයි. ඒක ජනතාවටත් සහනයක්. ඒ තුළින් දුම්රිය සේවාවත් වඩා පුළුල් කිරීමට හැකිවෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම පිළිගතයුතු වෙනවා රටේ හා මේ ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගමනාගමනය සංවර්ධනය සඳහා මේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීම අත්‍යාවශ්‍ය බව.

දැනටමත් මේ තිබෙන මාර්ගයේ දුම්රිය නැවතුම්පොළවල්, දුම්රිය වේදිකා මාර්ගයට සිල්පර කොට යෙදීමට අපි රුපියල් මිලියන 1000ක් වෙන් කරලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එයින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය 100% ක්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමට ඉඩකඩ ගන්න ඕනේ.

ඒ සඳහා මේ අනවසර පදිංචිකරුවන් ඉවත් කළ යුතුයි. එසේ ඉවත් කිරීමේදී අපි ඔවුන්ටත් හානියක් නොවන අයුරිනුයි ඒවා කළ යුත්තේ. ඔවුන්ට යම් විකල්ප ලෙස නිවාස හෝ වන්දි ලබා දීලා තමයි මේ ඉවත්වීම් සිදු කළ යුත්තේ. ඒනිසා අද මේ රැස්ව සිටින ඔබතුමන්ලා ඒ අය දැනුවත් කරන්න මේ සංගණනය කළාට ඒ අය ඉවත් කරන්නේ ඔවුන්ට නිවාස හෝ වන්දි ලබාදීමෙන් අනතරුවයි කියලා. මේ සම්බන්ධයෙන් අපි මෙගා පොලිස් අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා මේ අයට පියවරෙන් පියවර නිවාස ලබා දෙන්න වැඩ පිළිවෙළක් සකස් කරගෙන යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සමීක්ෂණ කටයුතු ස්වාධීන ආයතනයක් වන  UN HABITAT ආයතනය විසින් සිදු කරන අතර මේ සඳහා මාස 06 ක පමණ කාලයක් ගතවන බව ව්‍යාපෘති බළධාරීන් පවසයි. මෙම සමීක්ෂණය කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා සිදුරනු ඇත. දැනට කොළඹ නගරයට දුම්රිය මාර්ග 04 කින් ජනතාව පැමිණෙණ අතර, කාර්යයබහුල අවස්ථාවල පාදුක්ක සිට කොළඹ දක්වා පමණක් කැළණිවැලි දුම්රිය මාර්ගයේ 15000 කට ආසන්න මගී ජනතාවක් පැමිණෙන අතර ඔවුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ක්‍රියාත්මක වන දුම්රිය 05 දුම්රිය 08ක් දක්වා වැඩි කළ යුතු අතර මේ සඳහා කොටුව සිට පාදුක්ක දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙ අවස්ථාවට බස්නාහිර පළාත් සභා අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ, රොඩ්නි ප්‍රෙෂර්, සුමිත් සොයිසා, සුසිල් කිදෙල්පිටිය, යන මහත්වරුන්ද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුළු නිළධාරීන්ද සහභාගි විය.

Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
back to top
  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
කාලීන සිදුවීම් සහ දේශපාලන