අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර වරායන් ආශ්‍රිතව ඩෙංගු මර්දනයට පියවර

    මැයි 20, 2017

    2017 වසරේ ගත වූ මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගින් 40,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම නිසා  ඩෙංගු රෝග ව්‍යාප්තියට ඉවහල් වන මදුරු මර්දනය  සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ආරම්භ කර තිබෙන මදුරු මර්දන වැඩ පිළිවෙලට සහාය පළ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

     ඒ අනුව මේ වනවිට වෙරළ තීරයේ ඇති අත්හැර දමන ලද හා භාවිතයට නොගන්නා ධීවර බෝට්ටු, ඔරු හා වෙනත් ජලය එක්රැස්විය හැකි උපකරණ සොයා බලා ඒවා ජලය එක්රැස් නොවන පරිදි ආවරණය කිරීමට හෝ විනාශ කර දැමීමට හෝ බැහැර කිරීමට හෝ පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ,ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා හට උපදෙස් දෙනු ලැබීය.

    මේ වනවිට නිරිත දිග මෝසම සක්‍රිය ව තිබෙන බැවින් කඩින් කඩ වැටෙන මඳ වැස්ස මෙන්ම අව්ව ද ඩෙංගු රෝගය හිස එසවීමට හේතුවී තිබේ. එමෙන්ම වෙරළ තීරයේ ඇති අත්හැර දමන ලද ධීවර යාත්‍රා, ඔරු හා ජලය එක්රැස්විය හැකි උපකරණ ඩෙංගු කීටයින් බහුල මදුරු ආකර බවට පත්වී ඇති බව පෙනී ගොස් තිබේ.
    එමනිසා මෙම පියවර වහාම ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී. එමෙන්ම වෙරළ තීරයේ ඇති ජලය එක්රැස්විය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරිම හා විනාශ කිරීමේ මදුරු මර්දන දිනයක් මෙම මාසය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය. මෙම කටයුතු ධීවර නිලධාරින් මගින් ධීවර ප්‍රජාවට දැනුම් දී ඔවුන් මගින් ඉටු කිරිමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya