අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍යවේදියා නොව සමස්ත පුරවැසියා වෙනුවෙන් - ඇමැති ගයන්ත

    මැයි 19, 2017
    තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍යවේදියා වෙනුවෙන් නොව සමස්ත පුරවැසියා වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශක්තිමත් පනතක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ගුරු උපදේශකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි. මෙම වැඩමුළුව තොරතුරු දැනගැනීමේ අයිිතිය පිළිබඳ ව වූ පනත පිළිබඳ ව දැනුම්වත් කිරීම සඳහා පවත්වනු ලැබූවකි.
     
    මේ වන විට තොරතුරු නිලධාරීන් පත්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර ම මේ හරහා විනිවිද පාලනයක් ගෙනයා හැකි බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ඉදිරියේ දී ජනතාවට සියලු තොරතුරු ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් කීය.
     
    මෙම පනත සම්මත කිරීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිය පවතින රටවල් අතර ලෝක මට්ටමින් ශ්‍රී ලංකාවට 7වැනි තැනටද ආසියානු කලාපයෙන් ඉන්දියාවට පමණක් දෙවැනි වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පනත ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ලෝක මට්ටමින් 3වැනි ස්ථානයට ද ආසියානු කලාපයෙන් ප්‍රථම ස්ථානයට ද පැමිණි බවත් පෙන්වා දුන්නේය.
     
    තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාව වෙත ලබාදීම සඳහා අතීතයේ දී අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එම අවස්ථාවන් ව්‍යර්ථ වූ බව සිහිපත් කළ හෙතෙම කිසි විටෙකත් ආණ්ඩුවක් මෙවැනි පනතක් ගෙන ඒමට ක්‍රියාත්මක නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225කගේ ම කැමැත්ත අනුව සම්මත කළ ඓතිහාසික පනතක් ලෙසින් මෙම පනත ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් කිවේය.
     
    මෙවැනි ශක්තිමක් පනත් රටක දියුණුව සඳහා අවශ්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉදිරියේ දී දූෂණ අවම කරගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya