අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර තුනකින් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් - අධ්‍යාපන ඇමැති

    මැයි 19, 2017
    අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු ඉදිරි වසර තුනක කාලයක් තුළ අවම කිරීමට කටයුතු කරන අතර ම ඒ හරහා අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ගුරු උපදේශකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි. මෙම වැඩමුළුව තොරතුරු දැනගැනීමේ අයිිතිය පිළිබඳ ව වූ පනත පිළිබඳ ව දැනුම්වත් කිරීම සඳහා පවත්වනු ලැබූවකි.
     
    පසුගිය කාලයේ මෙන් විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම වැනි ප්‍රශ්නයන් මේ වන නිමා කරමින් අධ්‍යාපනයේ කීර්තිමත් භාවය ආරක්ෂා කිරීමට කටයුතු කොට ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
     
    තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම හරහා නිවැරදි තොරතුරු ලබාගැනීම බලාපොරොත්තු වන බවත් පනත මගින් මහජනතාවගේ  අයිතීන් තවදුරටත් තහවුරු වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya