අමාත්‍යවරයා අද (19) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.
වසර 30ක කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීම ලබාදුන්නා. මේ සඳහා නායකත්වය ලබාදුන් අය අමතක කරන්න බෑ. අපේ ගම්වල කෙල්ලො, කොල්ලො තම ජීවිත පූජා කළා. රණවිරුවන් නොපැකිළව ඉදිරියට ගියා.
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යුද්ධයට නායකත්වය දුන් සැමදෙනා ආරක්ෂා කරනවා. දැන් විදුලි පුටු නෑ. අද ජී.එස්.පී. ප්ලස් අපිට ලැබිලා. රටේ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා. දැන් ලක්ෂ ගණනක් රැකියා උත්පාදනය කිරීමට හැකි වෙනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.