සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වාරිමාර්ග ආඥා පනතක් සකස් කරනවා - අමාත්‍ය විජිත් වියමුණි සොයිසා

    මැයි 19, 2017

    නව වාරිමාර්ග ආඥා පනතක් සකස් කර ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය  විජිත් වියමුණි සොයිසා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙවසරක වාරි ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (19) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

    මෙම ආඥා පනත මඟින් ඉදිරියේ දී වාරි මාර්ග ක්ෂේතරය් ශක්තිමත් කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. වැව් හා වාරි මාර්ග ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් නෛතික බලයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඊට පිළියමක් ලෙස මෙම ආඥා පනත ගෙන එන බව පැවසී ය.

    අපට තිබෙන්නේ පරණ ගොවිජන සේව පනත පමණයි. එයින් බෑ වැව් හා ගංගා ආරක්ෂා කරන්න. එපමණක් නොවෙයි. භූ ගත ජලය කළමනාකරණයට පනතක් ක්‍රියාත්මක කරනවා. භූගත ජලය සංරක්ෂණයක් කිරීමට අවශ්‍යයි. ප්‍රමිතියෙන් යුතු නල ළිං අවශ්‍යයි.නල ළිං පිළිබඳව කළමනාකරණයක් අවශ්‍යයි.

    රනිල්- මෛත්‍රී පලනය මෙරට වාරි විප්ලවයක් ඇති කළා. කුඩා වැව් 100ක් සංවර්ධනය කරනවා.දැවැන්ත වාරි විප්ලවයක් තුළ පසුගිය වසර තුන ඇතුළත විශාල පරිවර්ථනයක් වාරි ක්ෂේත්‍රයේ සිදු වී තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya