මෙම උත්සවයට ත්රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීහු ද, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද සහභාගිවීමට නියමිතය.
දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද මෙහිදී පැවැත්වේ.
ජාතික රණවිරු උත්සවය නිමිත්තෙන් හෙට (19) පස්වරු 2.00 සිට 6.00 දක්වා පාර්ලිමේන්තු පාර සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද පොලීසිය විසින් ප්රකාශයට පත්කොට තිබේ.