අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නියෝගයක්

    මැයි 18, 2017

    අ.පො.ස. (සා.පෙළ) සමත් ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසල්වලට ඇතුළත්වන සිසුන් එම පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවල දී ඔවුන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන්  හා පාසල මගින් එම සිසුන්ගෙන් අයකර ගන්නා මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර ඇත.

    ඇතැම් පාසල්වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය හා සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.

     

    උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පාසල් මට්ටමින් සිදු කරන අතර සිසුන්ගේ විභාග ප්‍රතිඵලයන්ට අමතරව ඔවුන් විෂය සමගාමී හා ක්‍රීඩා ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ දක්වන ලද දක්ෂතා ද මෙහි දී සලකා බලනු ලබයි. ඒ අනුව ඉහළ සාමාර්ථ ලබාගත් දක්ෂ දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසලකට ඇතුළත්වීමේ හැකියාව උදාවන අතර, උසස් පෙළ සඳහා තමන් හැදෑරීමට බලාපොරොත්තුවන විෂයන් තමා අධ්‍යාපනය ලබන පාසලේ නොමැති අවස්ථාවල දී වෙනත් පාසලකට ඉල්ලුම් කිරීමේ හැකියාව ද සිසුන්ට හිමිවෙයි.

     

    කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණවල දී සිසුන්ට නිසි සාධාරණය ඉටුවනවා ද යන්න ගැන තවදුරටත් කරුණු සනාථ කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ වාර්තාව කැඳවීමට තීරණය කර ඇත.

     

    මීට අමතරව උසස් පෙළ හැදෑරීම සඳහා පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් අයකර ගන්නා ගාස්තු සම්බන්ධ තොරතුරු පිළිබඳව ද අදාළ වාර්තාවට කරුණු ඇතුළත් විය යුතු බවට අමාත්‍යවරයා මෙහිදී උපදෙස්  ලබාදෙනු ලැබීය. පාසල් මට්ටමින් අනුමත කරවා ගත් පහසුකම් ගාස්තුවලට අමතරව පාසලේ සංවර්ධන කටයුතු සඳහා යම් මුදලක් අය කර ගන්නේ නම් එය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හෝ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරවා ගත යුතුව ඇත. එසේ නොමැතිව පාසල් සිසුන්ගෙන් මුදල් එක් රැස් කිරීමට කිසිදු බලයක් පාසල් බලධාරීන්ට පැවරී නොමැති අතර මේ පිළිබඳව යම් පැමිණිලි වේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 ක්ෂණික ඇමතුම් අංකයෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ද  ජනතාවට අවස්ථාව  ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya