සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භෞතික විද්‍යා අධ්‍යාපනය නගා සිටුවීමට යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ සහය ශ්‍රී ලංකාවට

    මැයි 18, 2017

    ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් භෞතික විද්‍යා අධ්‍යාපනය නගා සිටුවීම සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN)  සමඟ සහයෝගීතාවන් සවිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    CERN වෙත ගිය   ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයන්හි භෞතික විද්‍යාඥයින් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් විද්‍යාත්මක නියෝජිත පිරිස පිළිගැනීමට ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී එම ආයතනය සංවිධාන කළ උත්සවය  අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය , විද්‍යා,තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය(COSTI), ජාතික විද්‍යා පදනම (NSF) වැනි ආයතන සහ මෙරට විශ්ව විද්‍යාලයන් නියෝජනය කරන පිරිසකගෙන් සමන්විත වන මධ්‍යගත කණ්ඩායමක් මෙම කමිටුවට ඇතුළත් වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    2015 ජූනි මසදී ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියසිංහ සහ CERN හි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රෝල්න් සියේටර් හියුර් අතර 2015 දී අභිමත ප්‍රකාශනයක් (EOI) අත්සන් තැබීමත් සමඟ ශ්‍රී ලංකාව හා යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය අතර සහයෝගීතාවය නිල වශයෙන් ආරම්භ විය.

     

    විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් 2016 දී සැප්තැම්බර් මස කොළඹදී පවත්වන ලද සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ සම්මන්ත්‍රණය (STS FORUM)සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස CERN හි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය රුඩ්ගර් වොද් මහතා සහභාගී විය.එහි ප්‍රතිඵලයක් ලෙස 2017 පෙබරවාරි මසදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා CERN හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ චාලට් වරකාවුල්ලේ මහත්මිය විසින් අධි ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟ CERN හා ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් විය.

    පිළිගැනීමේ උත්සවයේදී අදහස් දැක්වූ චාලට් වරකාවුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ,   CERN හා ශ්‍රී ලංකාව අතර විශිෂ්ට ලෙස සබඳතා පැවති බවත් විශේෂයෙන් පසුගිය වසර මුළුල්ලේ එය වඩා තීව්‍ර ලෙස ක්‍රියාත්මක වූ බවයි. ශ්‍රී ලංකාවේ තරුණ විද්‍යාඥයින් හට අවශ්‍ය සහයෝගය ලබා දීමට සුසිල් ප්‍රේමජයන්ත මහතා දක්වන උනන්දුව සහ උත්සාහය ඇයගේ පැසසුමට ලක් විය.

    සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා විසින් CERN හි ක්‍රියාත්මක පර්යේෂණයන් පිළිබඳ හුරුවක් ලබා ගැනීම සහ ඵලදායී විද්‍යාත්මක සහයෝගීතාවන් ගොඩනංවා ගැනීමත් අරමුණු කරගනිමින් ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයින් කණ්ඩායමක්  CERN වෙත  එවන බවට දුන් ප්‍රතිඥව මත පළමු භෞතික විද්‍යාඥ නියෝජිත පිරිස එහි සංචාරයක නිරත වන බවද ඇය ප්‍රකාශ කළාය.

    CERN සිසු වැඩසටහන් සඳහා මෙම වර්ෂයේදී ගෝලීය මට්ටමින් ඉදිරිපත් වු අයදුම්කරුවන් 943 ක් අතුරින් (ශ්‍රි ලාංකික අයදුම්කරුවන් 25 ක්ද ඇතුළත්ව) ලබන මස පැවැත්වීමට නියමිත 2017 ගිම්හාන සිසු වැඩසටහන සඳහා ශ්‍රි ලාංකික උපාධි අපේක්ෂකයින් 4 දෙනෙකු තෝරාගත් ගෙන තිබේ.  G – 15  හි සහභාගීත්වය දරමින්, ශ්‍රි ලංකාව විසින් CERN සහ G – 15 රටවල් කණ්ඩායම අතර අභිමත ප්‍රකාශනයක් අත්සන් තබා ඇති අතර, ඒ යටතේ CERN හි ගුරු වැඩසටහනක් සඳහා G – 15 රටවල් අතුරින් ගුරුවරුන් 40 දෙනෙකු ට අවස්ථාව ලබාදීමට  CERN හි එකඟතාවය පළ වී ඇත.  

    මෙම චාරිකාව සඳහා සහභාගී වූ ශ්‍රි ලාංකික භෞතික විද්‍යාඥයින් කණ්ඩායමට රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ පීඨාධිපති භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය W.D.G. ධර්මරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් ජේ. සොන්නන්දර යාපනය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පී. රවිරාජන්, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රෙක්සි ඩෙන්සිල් රෝසා, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය M.L.C.  ආටිගල මිය සහ විද්වත් පිරිසක් ඇතුළත් විය.

    මෙම චාරිකාව අතරතුර ශ්‍රි ලාංකීය නියෝජිත පිරිස සහ CERN අතර අධි ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහයෝගීතාව ප්‍රවර්ධනය සඳහා සැලසුම් සහගත වැඩසටහනක් ක්‍රියාත්මක වනු ඇත. මේ යටතේ ශ්‍රි ලාංකික විද්‍යාඥයින් හට CERN හි සිදු කෙරෙන Compact Muon Solenoid (CCMS) පර්යේෂණ සහ අනෙකුත් ක්‍රියාවලින් සඳහා සහභාගී විම් අවස්ථාව සහ ඒ හරහා අධි ශක්ති භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ  නවතම තාක්ෂණයන් සහ පර්යේෂණයන් පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ලැබිණි.

    එසේම CERN දත්ත මධ්‍යස්ථානය, Antiproton Decelerator ,  වායු ඉලෙක්ට්‍රෝන ගුණක විද්‍යාගාරය, සහ උසස් පාසැල් සිසුන් සඳහා වන පාසැල් විද්‍යාගාර යනාදිය සහ  CERN හි පිහිටුවා ඇති පහසුකම් කිහිපයක් පිළිබඳ ඔවුන් සතු දැනුම සහ කුසලතාවන් වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබිණි.  තවද,  ශ්‍රි ලාංකීක භෞතික විද්‍යාඥයින් විසින් , ශ්‍රි ලාංකීය විශ්වවිද්‍යාලයන් සමඟ CMS පහසුකමෙහි ව්‍යාපෘති කළමණාකාරීත්වය සමඟ පුළුල් සාකච්ඡාවන්ද පවත්වන ලදී. මෙයට අමතරව, මෙම නියෝජිත කණ්ඩායම සඳහා Synchrocyclotron  සහ  Large Hadron Collider (LHC)  යන පහසුකම් සහ ක්ෂුද්‍රජීවි ලෝකය සහ පෘථිවිගෝලය පිළිබඳ ප්‍රදර්ශනද නැරඹිමේ අවස්ථාවද ලැබිණි.

    ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියසිංහ, CERN හි ආශ්‍රිත සමාජික සහ සමාජික නොවන රටවල් සමඟ සබඳතා පිලිබඳ ප්‍රධානී, මහාචාර්ය එම්මානුවෙල් ට්සෙස්මෙලිස් ඇතුළු CERN නිළධාරීන්,  ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශිකා ශෂිකා සෝමරත්න සහ උපලේකම් දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතූළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya