සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට" ග්‍රන්ථය එළිදකී

    මැයි 17, 2017

    බී.බී.සී. සංදේශය වැඩසටහනේ ශ්‍රී ලංකා වාර්තාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ අභාවප්‍රාප්ත එල්මෝ ප්‍රනාන්දු මහතා, ඉහළ ප්‍රමිතියකින් යුතුව සිය මාධ්‍ය කටයුතු මෙහෙයවූ අදීන මාධ්‍යවේදියෙකු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත එල්මෝ ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් සහ ජීවන තොරතුරු ඇතුලත්කොට විජිත් කුමාර් සේනාරත්න මහතා විසින් ලියන ලද ''එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට'' ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමිනි.

    කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    මෙහිදී තවදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා පැවසූයේ තමා වසර 15ක පමණ කාලයක සිට එල්මෝ ප්‍රනාන්දු මහතා දැනසිටි බවත් ගුවන් විදුලි සංස්ථාවෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ එල්මෝ එකල ගුවන් විදුලියේ වැඩසටහන්වල පැවති උසස් ප්‍රමිතිය නිතර අගය කළ බවත්ය.

    එල්මෝ ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ජීවිතය වර්තමාන මාධ්‍යවේදීන්ට හොඳ ආදර්ශයක් බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.

    එල්මෝ ප්‍රනාන්දු  කොළඹ සිට ග්‍රන්ථය එහි කතෘ විජිත් කුමාර් සේනාරත්න මහතා විසින් ඇමතිවරයාට පිළිගන්වනු ලැබීය.

    එල්මෝ ප්‍රනාන්දු මහතාගේ පුත් රංගන ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරා, ප්‍රවෘත්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya