සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී

    මැයි 17, 2017

    පෙර මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කරයි.


    එබැවින් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් 20 වන දා සිට) අපෙක්ෂා කෙරේ.

    තවද, දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල පැ.කි.මී.40-50 දක්වා) සහ උතුරු සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැක.

    බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු සහ මධ්‍යමපළාත්වල(විශේෂයෙන් උදය සහ රාත්‍රී කාලයේදී) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  නැගෙනහිර සහ ඌව පළාත් වල  ස්ථාන ස්වල්පයක, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya