සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ප්‍රජා මුලික කළමනාකරණ ක්‍රමවේදයට විදෙස් රටවල දැඩි ප්‍රසාදය

    මැයි 16, 2017
    ප්‍රජා මුලික කළමනාකරණ ක්‍රමවේදය මගින් සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ප්‍රජාව මුලික කරගත් වැඩපිළිවෙළ පිළිබඳ ඉන්දීය සාගර කලාපිය සංවිධානයේ දෙවැනි සමුළුවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා දැක්වූ අදහස් ඉන්දුනීසියාව , ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක ප්‍රසාදයට ලක් විය. 
     
    විශේෂයෙන් ඔස්ට්‍රේලියාව එම වැඩපිළිවෙළ හා අදහස්  සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කිරීම මෙම ඉන්දීය සාගර කලාපිය සමුළුවේදී ශ්‍රී ලංකාව ඇගයීමට ලක්වීමට ප්‍රධාන හේතුවක් විය.
     
    ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඉකුත් 8දා සිට 10දා දක්වා මෙම සමුළුව පැවැත්විණ. එය ඉන්දීය සාගර කලාපිය සංවිධානයේ දෙවැනි සමුළුවය . මෙම සමුළුවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වුහ.
     
    එහිදී කලාපිය රටවල් මුහුණදෙන අභියෝග පිළිබඳ ව මෙන්ම අනාගතයේ මිනිසාගේ පැවැත්මට දැඩි තර්ජනයක් විය හැකි කාබන්ඩයොක්සයිඩ් වායුව ආග්‍රහණය පිළිබද අදහස් දක්වමින්  කාබන්ඩයොක්සයිඩ් වායුව මුහුදු පතුලේ තැන්පත් කිරීමට අදාලව යෝජනාවක් ද ඉදිරිපත් කළේය.
     
    "නිල් ආර්ථික" මාවත ඔස්සේ සීඝ්‍ර සංවර්ධන ගමනකට අවතීර්ණ වී සිටින රටවලට එකී සංවර්ධන ඉලක්ක පහසුවෙන් ජයගැනීමට ප්‍රජා මුලික කළමනාකරණ ක්‍රමවේදය ඉතා වැදගත් බවට සිය කතාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
     
    ප්‍රජාව මුලික කරගත් කළමනාකරණය පිළිබඳ ව දැක්වූ අදහස් සමග ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල්වල අමාත්‍යවරුන් මෙන්ම එම රවවල්වලින් සහභාගී වූ  නියෝජිතයන් බොහෝ සේ පැහැදීමට ලක්ව එය ඇගයීමට ලක් කිරීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya