අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාව මෙන් වෛද්‍යවරයාත් ආරක්ෂාවට බැඳී සිටිනවා

    මැයි 15, 2017
    ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
     
    ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට මෙන් ම වෛද්‍ය වෘත්තීකයන්ට ද වැඩ වර්ජන සුදුසු නොවන බව පෙන්වා දෙන ඒ මහතා පවතින ගැටළු, ප්‍රශ්න විසඳාගැනීම සාකච්ඡා මාර්ගයෙන් සිදු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ඉතා සංවේදීව කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    ලාංකික වෛද්‍යවරුන්ට රජයේ බදු මුදල් මගින් අධ්‍යාපනය ලබා දී රජයේ රැකියාවක් ලබාදෙනවා පමණක් නොව ලෝකයේ අනිකුත් රටවල නැති තරමේ අවස්ථාවන්ද ඔවුන් වෙත ලබා දී ඇතැයි ද කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි දේවල් සඳහා සමස්ථ වෛද්‍යවරුන්ම සහභාගිනොවන බවත් වැඩවර්ජන හරහා කරගත නොහැකි දේ සාකච්ඡා මාර්ගයෙන් සිදු කරගත හැකි බවත් කීය.
     
    "මේ වන විට විශ්වවිද්‍යාල සඳහා තෝරාගැනීමේ දී සලකා බලනු ලබන ක්‍රමවේදයන් හරහා යම් යම් සිසුන්ට අසාධාරණයක් සිදු වේ. කොළඹ, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්ක නියෝජනය කරන දරුවන්ට වඩා අඩු ප්‍රතිඵල ලබාගත් යම් දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන් විශ්වවිද්‍යාල වරම් ලබාගන්නවා. එහිදී ආසාධාරණයට ලක්වන පිරිසක් ඉන්නවා. එමෙන් ම අති විශාල මුදලක් වැය කරමින් විදෙස් රටවලින් වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නා දරුවන් ද සිටිනවා. එලෙස විශාල මුදලක් වැය කිරීමට නොහැකි වන පිරිස් දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනය ලබන විට එය නතර කිරීමට ක්‍රියා කිරීම සාධාරණ නැහැ. විදෙස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මෙන් ම ලංකාව තුළ පෞද්ගලික අධ්‍යාපන ලබන දරුවන්ගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි" යැයි ද කීය.
     
    1997 වසර වන විට චීනයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පැවැතියේ 20ක් පමණ බවත් එම කාලයේ දී අවුරුදු 18ත් 22ත් අතර 10%ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණය 2010 වසර වන විට 630ක් දක්වා වර්ධනය වී ඇති අතර ම අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමාණය ද 27%ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්වා දුනි. 
     
    එමෙන් ම 2020 වන විට සමස්ථ රටවැසියන්ගෙන් 40%කට උසස් අධ්‍යාපනය ලබාදීමේ ඉලක්කයක් චීන රජය සතු බවත් ඒ හරහා ඇමෙරිකාවට වඩා ඉදිරියට පැමිණීමට ආසියානු රටවලට හැකිවන බවත් පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya