අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් ටැංකි පිළිබඳව ජනතාව මුළා කිරීමට බංකොළොත් දේශපාලඥයින් කටයුතු කරනවා

    මැයි 15, 2017

    ත්‍රිකුණාමලයේ දැනට ප්‍රයෝජනයක් ලබානොගෙන තිබෙන තෙල් ටැංකි පිළිබඳව තීන්දුවක් ගැනීමට යාමේදී විවිධ මත ඇති කර ජනතාව මුළා කිරීමට බංකොළොත් දේශපාලඥයින් කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේවඳුරඹ උප කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි 102යි. දෙවන ලෝක යුද්ධයට කලින් මේ තෙල් ටැංකි හදන්නේ. මේ තෙල් ටැංකි 102 හැදුවේ ලෝකයට බිස්නස් කරන්න. යුද්ධය අවසන් වු පසු ඔවුන් එය දාලා ගියා. 1964දී ලංකාවේ ආණ්ඩුව පවුම් ලක්ෂ ගණනක් ගෙවලා මේ තෙල් ටැංකි ලබාගත්තා. 2002 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලෙස මෙම තෙල් ටැංකිවලින් ප්‍රයෝජනයක් ගැනීමට, එදා ඉන්දිය අගමැති නරසිංහ රාහෝ මැතිතුමා සමඟ ගිවිසුමක් අත්සන් කළා.ඒ අනුව ඩොලර් ලක්ෂ ගණනේ ගෙවීමට ඔවුන් එකඟ වුණා. 2002 සිට මේ දක්වා ඉන්දියාව, ලංකාවේ සෑම ආණ්ඩුවකටම ඩොලර් ලක්ෂ ගණනක් ගෙවනවා. එම මුදල ඩොලර් ලක්ෂ 5ක්, ලක්ෂ 10ක් කර ගැනීමට හැකියි. ඒ අනුව, අපට වැඩියෙන් පඩි ගෙවීමට හැකියි. වැඩියෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදන්න පුළුවන්. වැඩියෙන් ගොඩනැගිලි ඇති කරන්න පුළුවන්. වැඩියෙන් පාරවල් හදන්න පුළුවන්.

    උගත්, බුද්ධිමත් ජනතාව මේ පිළිබඳව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. දේශපාලන සටන් පාඨ පිළිනොගත යුතුයි. තර්කානුකූලව ලෝකය සහ ලංකාවේ තත්ත්වය අවබෝධ කර ගනිමින් ක්‍රියා කිරීම වැදගත්.වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා ආණ්ඩු කරන යුගයක්. ඒ යුගයේ උපරිම ප්‍රයෝජනය අප ගත යුතුව තියෙනවා. නිදහස ලබන විට එක්ව සිටි පිරිස 1952දී භේද වුණා. 1952දී බණ්ඩාරනායක මහතා වෙනම පක්ෂයක් හැදුවා. එදා සිට භේද වෙලා ගහ ගන්නවා. මහජනයාට සෙතක් නැහැ. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා රට දියුණු කරන්න උත්සාහ ගන්නවා.ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපි අපේක්ෂා කරනවා“ යැයි කීය.

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya