අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උළෙල ඇරඹේ...

    මැයි 14, 2017

    එක්සත් ජාතීන්ගේ දාහතරවැනි වෙසක් දින සැමරුම් උළෙලේ සමාප්ති උළෙල මීට සුළු මොහොතකට පෙර මහනුවර, ඓතිහාසික දළඳා මාළිගය පරිශ්‍රයේ දී ආරම්භ විය.

    සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සිටින්නේ නේපාල ජනාධිපතිනී බිද්යා දේවී භණ්ඩාරී මැතිණියයි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද මේ අවස්ථාවට සහභාගී වී සිටියි.

    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සමුළුවේ දී ''මහනුවර ප්‍රකාශය'' එළිදැක්වීමට නියමිතය.

    දෙස් විදෙස් අතිපූජ්‍ය මහා සංඝරත්නය,ආරාධිත නියෝජිතයන්,මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය  අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.

    සමාප්ති  උළෙලට සමගාමීව,විශේෂ දළදා ප්‍රදර්ශනයක් සහ  ශ්‍රී දන්ත දාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාවක් උදා කර තිබුණි.ඊට අමතරව දළඳා මාළිගාව විසින් සංවිධානය කරනු ලබන  සංස්කෘතික පෙරහැරක් ද අද (14)  සවස පැවැත්වෙයි.

    සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය සඳහා බුදු දහම මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙලේ තේමාවයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya