සාක් කලාපයේ රටවල ආර්ථික කටයුතුවලට අදාළ කරුණු රැසක් මෙම සමුළුවේ දී අවධානයට යොමු කළ අතර එමෙන් ම, කලාපයේ ආර්ථික සංවර්ධන කටයුතුවල දී එල්ල වන අභියෝග හා ඊට විසඳුම් ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.
සමුළුව අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර හමුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතින බවත් එය ඉතා ගුණාත්මක වාතාවරණයක් බවත් මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.