අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ පිළිබඳ සතිපතා සමාලෝචනයක්

    අප්‍රේල් 14, 2016

    රෝහල්වලට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කර වාර්තාවක් ලබාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


    විශේෂයෙන්ම ඖෂධ හිඟයකින් තොරව ලබාදීමටත්, ගුණාත්මක ඖෂධ ලබාදීමටත් මෙම සමාලෝචන ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සිදු කෙරෙනවා.ගුණාත්මක බවින් යුතු ඖෂධ ඉතාමත් කෙටි කාලයක් තුල ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී තිබෙනවා. 2017 වසරේ සිට කිසිම ගැටළුවක් නොමතිව ඖෂධ ලබාදීමට හැකියාව ලැබෙනවා යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya