සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ සංස්ථාව ලාභ උපයයි

    ජනවාරි 14, 2016

    රාජ්‍ය ඖෂධ සංස්ථාව නව පරිපාලනය යටතේ සියයට 24 ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2015 වර්ෂයේ රුපියල් මිලියන 438 ක ලාභයක් උපයා ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

    පෞද්ගලික අංශයටත් ඖෂධ සංස්ථාව සමඟ වෙළෙඳ තරඟයක් කිරීමට සිදුවන බැවින් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට
    පියවර ගනිමින් ඖෂධ සංස්ථාවේ නව පරිපාලනය ඇතුළු මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය, රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි කටයුතු කරන ලදි.

     

    ඒ අනුව 2015 වර්ෂය තුළ සිය ලාභ ප‍්‍රතිශතය ඉහළ නංවාගැනිමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට හැකියාව ලැබී ඇත.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රාජ්‍ය ඖෂධ සංස්ථාව 2015 වර්ෂයේ පළමු මාස 09 තුළ පෞද්ගලික විකුණුම් රුපියල් මිලියන 3860 ක් සිදු කොට ඇති අතර, 2014 පළමු මාස 09 තුළ එය මිලියන 3505 කි. එය 2015 වර්ෂයේ සියයට 15%ක වර්ධනයකි.

     

    මේ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ 2015 වර්ෂයේ පළමු මාස 09 තුළ දළ ලාභය රුපියල් මිලියන 363 කි. 2014 වාර්තා වූ ලාභය මිලියන 336 කි. 2015 වර්ෂයේ සම්පුර්ණ ලාභය රුපියල් මිලියන 438 කි. 2014 වර්ෂයේ එය රුපියල් මිලියන 352 කි.


    නව පරිපාලනය යටතේ එය සියයට 24 ක වර්ධනයක් බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය
    එම්.එචි.එම්. රූමි මහතා පවසයි. මෙම ලාභයෙන් රුපියල් මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට වෙන් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව පියවර ගෙන ඇති අතර, 2014 වර්ෂයේ රුපියල් මිලියන 75 ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට පියවර ගෙන ඇත. 2015 වර්ෂයේ බදුගෙවීම මිලියන 197 කි.

     

    රාජ්‍ය ඖෂධ සංස්ථාව දරුවන්ට වැඩිහිටියන්ට සහ රණවිරුවන්ට සියයට 05 ක වට්ටමක් ලබාදී ඖෂධ අලෙවි කරයි. දැනට දිවයින පුරා ශාඛා 31 ක් ඇති අතර, එය මෙම වසර තුළ 50 දක්වා වර්ධනය කිරීම අපේක්ෂාවයි. එමගින් ජනතාවට අවශ්‍ය ඖෂධ අඩු මිලට ලබාදිමට හැකි වන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමණාකාර අධක්ෂ ආචාර්ය එම්.එචි.එම් රූමි මහතා වැඩිදුරටත් පවසයි.

     

    තවද ඉදිරියේ දී සියළුම ඔසුසැල් රාත‍්‍රී 10 දක්වා විවෘත කිරීම පිළිබඳවත්, පසුව පැය 24 පුරාම විවෘත කිරීම පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය ද යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya