අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය සහ නාවික අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය විවෘත වේ

    ජනවාරි 13, 2016
    වරාය සහ නාවික අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
    එහිදී අදහස් දැක්වු අර්ජුන රණතුංග  මහතා 2020 වර්ෂය වන විට වරාය සන්නිවේදනය සහ මහජන සම්බන්ධතාව වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව පැවසීය.
     
    “2020 වර්ෂය වන විට අද අප විවෘත කළ වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාවේ වරාය තොරතුරු සියල්ල දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.   අපේ උත්සාහය වඩාත් ඵලදායි ලෙස සංවර්ධන තොරතුරු මහජනතාව වෙත ගෙන යාමයි........”
     
    දකුණු   ආසියානු    කලාපයේ උපරිම තරඟකාරිත්වයකින් යුත් සාමුද්‍රික සේවා මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමෙන් ඉහළ මට්ටමේ සාමුද්‍රීය සේවාවන් ලබාදීම වරාය සහ නාවික අමාත්‍යාංශයේ දැක්මයි. එම දැක්ම මත ස්වකීය මෙහෙවර ඉටු කිරීමේදී වඩාත් ශක්තිමත් සන්නිවේදන ජාලයක් සහ මහජන සම්බන්ධතා පවුරක් නිර්මාණය කිරීමද අද විවෘත කළ වරාය සහ නාවික අමාත්‍යාංශ වෙබ් අඩවියේ මූලික අරමුණ වේ. www.portmin.gov.lk යන වෙබ් ලිපිනයෙන් ඔබට ඊට පිවිසිය හැකිය. දිනපතා යාවත්කාලීන කරන එම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය සියලු තොරතුරු ලබා දීමටද අපේක්ෂා කෙරේ.
     
    නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසුවේ නූතන ලෝකයේ වරාය සන්නිවේදන අවශ්‍යතා සැපිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
     
    “අපි ජීවත් වෙන්නේ ගෝලීය වශයෙන් කුඩා ගමක. මේ නිසා ඉතා ඉක්මනින් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් ඇතිව තිබෙනවා. කොළඹ වරායට පමණක් නෙවෙයි, ලංකාවේ ඕනෑම වරායකට පැමිණෙන නාවික  සමාගම් ඒ ආශ්‍රිත තොරතුරු සොයා බලනවා. ඉදිරියේදී ඒ තොරතුරු අපේ වෙබ් අඩවියටත් ඇතුළත් කිරීමටත් අපේක්ෂා කරනවා....” යැයිද  ලේකම්වරයා පැවසීය.
     
    වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සදහා සහභාගී වූහ. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya