අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 ඔලිම්පික් ක්‍රීඩා ජයග්‍රහන අත්කර ගැනීමට සූදානම් විය යුතුයි- ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

    ජනවාරි 13, 2016

    ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලබන පාඨමාලා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත NVQ තත්ත්වයන් යටතේ සහතික පත්‍ර ලබා දීමට දැනටමත් සාකච්ඡා පවත්වාගෙන යනවා. ඉදිරියේදී ක්‍රීඩා උපාධිය හැදෑරීම දක්වා මෙම ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය වැඩි දියුණු කරනවා යැයි ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ශරීර සුවතා උපදේශකවරුන් පුහුණු කිරීමේ, පුහුණුකරු කුසලතා සංවර්ධන හා ක්‍රීඩා විද්‍යා සහතිකපත්‍ර යන පාඨමාලාවල සහතිකපත් ප්‍රදානයට සහභාගී වූ අවස්ථාවේදී ය.

     

    එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන්ට, ශරීර සුවතා උපදේශකවරුන්ට ජාතික විද්‍යා ආයතනයේ පුහුණු සහතිකය අනිවාර්යය කරනවා. පාසල්වල ළමුන්ට නිසි ක්‍රමවේදයක් නැතිව ක්‍රීඩා ඉගැන්වීම තුළ එම ළමුන්හට විවිධ ආබාධ හටගන්නවා. එමගින් දක්ෂ ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් රටට නිර්මාණය වෙන එක වළකිනවා.

     

    නිසි පුහුණුවක් හා අවබෝධයක් ඇතිව දරුවෙක් ක්‍රීඩාවට පුරුදු පුහුණු කළොත් එයින් හොද දක්ෂ ක්‍රීඩකයෙක් රටට, ලෝකෙට බිහි කරන්න පුලුවන්කම තියෙනවා. අද සවස අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ තිබෙන සාකච්ඡාවෙන් මම එතුමාට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා, සියළුම පාසල් වෙත පුහුණු ක්‍රීඩා ගුරුවරු 5400 ක් බදවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

     

    අපගේ සියළුම ක්‍රීඩා පුහුණු කරුවන්ට විදේශීය පුහුණුව ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලබා දීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන්න අපි කටයුතු කරනවා. විදේශයේ සිටින දක්ෂතම ක්‍රීඩා උපදේශකවරු ලංකාවට ගෙන්වාගෙන ඔවුන් සමග අපේ පුහුණුකරුවන්ට දැනුම හා පුහුණුව ලබා ගත හැකි ක්‍රමවේදයක් අපි සකස් කරගෙන යනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන් හොද දැනුම මට්ටමකට ගෙන ආවොත් 2020 පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව විශාල ජයග්‍රහණ අත්කර ගන්න පුලුවන් තැනකට ගේන්න පුලුවන් කියලා.අපි දැන්ම ඒකට සූදානම් වෙන්න අවශ්‍යයි.

     

    ​මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.ඊ.ආර්.ටීඑම්.එස්.පී.බණ්ඩාර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා, ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ජී.එල්. සලිත් ජයලාල් මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් සහභාගී විය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya