අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබාදෙනවා - සුබිනේ නන්දි

    ජනවාරි 13, 2016
    නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා තම උපරිම සහයෝගය හා කැපවීම ශ්‍රී ලංකාවට ලබදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සුබිනේ නන්දි (Subinay Nandy) මහතා ප්‍රකාශ කරයි.
     
     
    සුබිනේ නන්දි (Subinay Nandy) මහතා  එලෙස ප්‍රකාශ කළේ,   කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණ ගැසුණු අවස්ථාවේදීය.
     
    2001 මැයි මාසයේ සිට වසර 5 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී ලෙස කටයුතු කළ සුබිනේ නන්දි මහතා,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ රාජකාරී සඳහා නැවත පිටත්වන අතර ඔහු ශ්‍රී ලංකාවේ නැවත පදිංචිකිරීමේ කටයුතු වෙනුවෙන් විශාල කාර්යක් සිදුකරන ලදී.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යොංශයේ දී බදියුදීන් අමාත්‍යවරයා වෙත අදහස් දක්වමින් සුබිනේ නන්දි මහතා පැවසුවේ, තමා ශ්‍රී ලංකාවට සුභ පැතුම් එක් කරන බවත් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් අවතැන්වූවන්ගේ නැවත පදිංචි කිරීම් සඳහා ඉදිරියේදීත් තම උපරිම සහයෝගය  හා කැපවීම ශ්‍රී ලංකාවට ලබදෙන බවත්ය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya