අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරුගල්ල පාලම හදිසි ආපදා තත්වයකට-බර වාහන ධාවනය ඉතා අවදානම්

    ජනවාරි 13, 2016

    අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව අමිතිරිගල ප‍්‍රධාන මාර්ගයේ ගුරුගල්ල පිහිටි 5/2 දරණ පාලම හදිසි ආපදා තත්ත්වයකට පත්ව ඇති බවට විධායක ඉංජිනේරු, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    ඉහත ආපදාතත්ත්වය හේතුවෙන් උක්ත පාලම මතින් ටොන් 10 කට වඩා වැඩි බරකින් යුක්ත වාහන ධාවනය ඉතා අවදානම් බවත් එමගින් පාලමේ ආපදාතත්වය වැඩිවිමට හේතුවන බවට දන්වා ඇත.

     

    තවද අනිකුත් වාහන සාමාන්‍ය පරිදි පාලම මතින් ධාවනය කිරිමට හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

    ඒ අනුව උක්ත පාලම මතින් ටොන් 10 ට වඩා වැඩි බරකින් යුක්ක වාහන ධාවනය නොකරන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya