අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රජය හා තායිලන්ත රජය අතර මිතුදම තවදුරටත් ශක්තිමත් කරනවා

    ජනවාරි 12, 2016

    ශ‍්‍රී ලංකා රජය හා තායිලන්ත රජය අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කිරිමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Nopporn Adchariyavanich මහතා පවසයි.

     

    ශ‍්‍රී ලංකා රජය හා තායිලන්ත රජය අතර පවතින සබඳතා ශක්තිමත් කරලීම සඳහා කැප වී කටයුතු කරන බව ශ‍්‍රී ලංකාවේ තායිලන්ත තානාපති  Nopporn Adchariyavanich මහතා ඊයේ දින (11) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත  සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුන අවස්ථාවේ දී ප‍්‍රකාශ කරන ලදි.

     

    මෙම හමුවේදී දෙරට අතර පවතින සබඳතා පිළිබඳ එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සුහද පිළිසදරක යෙදිනි. ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ සංවර්ධන කටයුතු පිළිබඳව ඉතාමත් පැහැදීමකින් අදහස් පළ කළ එතුමා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියේ දී අවශ්‍යවන දායකත්වය ලබාදීමට ද සිය කැමැත්ත පළ කළේය.

     

    තව ද අග්නිදිග ආසියාවේ ඉතාමත් ඉහළ සෞඛ්‍ය දර්ශකයන් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවීම පිළිබඳව සිය රජයේ ප‍්‍රසාදය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පළ කරන ලද අතර, නව රජයට සුභාෂිංසන එක් කළ තායිලන්ත තානාපතිතුමා ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර දීර්ඝකාලීන මිතුදමක් පවතින බවත්, එම මිතුදම තවතවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ නිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක් විසින්ම ක‍්‍රියාත්මක කරන ලද නිදහස් සෞඛ්‍ය සේවාව නිසා ඇතැම් සෞඛ්‍ය දර්ශකවලින් කළාපයේ සෙසු රටවලට වඩා ශ‍්‍රී ලංකාව ඉදිරියට ගොස් ඇති බවයි.

     

    ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව දේශීය වෛද්‍ය ක‍්‍රමයත්, බටහිර වෛද්‍ය ක‍්‍රමයත් යන ක‍්‍රම දෙකෙන්ම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මකවන අතර, දේශීය වෛද්‍ය ක‍්‍රමය තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, එම වෛද්‍ය ක‍්‍රමයන් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දශක කිහිපයක් ඈතට විහිදී ඇති බවයි. එමෙන්ම නව රජය සෑමවිටම ප‍්‍රතිපත්තියක් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ක‍්‍රියාත්මක කිරිමටත්, එය ආරක්ෂා කිරිමටත් කටයුතු කරන බවත්, දෙරට අතර දිර්ඝ කාලීනව පවතින සම්බන්ධතා ඉදිරියටත් ශක්තිමත් කිරිමට සිය දායකත්වය නොඅඩුව ලබාදෙන බවද ප‍්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya