සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

    ජනවාරි 11, 2016

    නිපුණතා හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට අයත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මගින් පාලනය වන ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය (ජපන් ටෙක්) සඳහා අලූතින් ඉදිවන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගිය දා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුවිය.

     

    ඔරුගොඩවත්තේ ඉදිවන මෙම නව ගොඩනැගිල්ල පරිශ‍්‍රය සඳහා ජයිකා ආයතනය මගින් මුල්‍යමය අනුග‍්‍රාහකත්වය ලබා දෙන අතර මෙහි මහල් 10කින් යුත් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවේ. එහි ප‍්‍රථම පියවර බිම් මහල සමග මහල් 4ක් ඉදිකෙරේ. මෝටර් රථ තාක්ෂණය පිළිබව නවීන තාක්ෂණයෙන් යුත් තාක්ෂණික උපකරණ, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා වැඩහලක් සමග නවීන තාක්ෂණයෙන් පිරිපුන් පංති කාමර සහ පරිපාලන පරිශ‍්‍රයක් ඉදිකිරීමට ඇතුළත් වේ.

     

    ගොඩනැගිල්ල රු.මිලියන 150 ක මුදලක් වැයකෙරෙන අතර මෙහි සියලූ ඉදිකිරීම් කටයුතු 2017 අපේ‍්‍රල් මස වන විට අවසන් කිරීමට නියමිතය.

     

    මෝටර් රථ ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳ පාඨමාලා 06ක් සඳහා සිසුන් 400ක ප‍්‍රමාණයක් ඇතුළත් ගැනීමට ප‍්‍රථම වතාවට නයිටා ආයතනයේ මගින් පවත්වාගෙන යන ආධුනිකත්ව පුහුණු ක‍්‍රමවේදය යටතේ කාර්මාන්ත පුහුණුව ලැබු ආධුනිකයන් හට ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත‍්‍ර ලබා දීම සංකේතවත් කරමින් මෙදින 27 දෙනෙකු සඳහා සහතික පත් ප‍්‍රදානයක් ද මෙදින සිදුවිය.

     

    මෙම අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාඅමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යාංශයට අයත් සිසු ආයතනයන් හි ආයතන ප‍්‍රධානින් ද නයිටා ආයතනයේ සභාපති ජේ.වයි.පීරිස් මහතා උප සභාපති ආචාර්ය චානක අතුකෝරළ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ප‍්‍රදීපා උදාකර මහත්මිය ඇතුලූ නිළධාරීන්ගේ සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya