මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අද

    ජනවාරි 12, 2016

    ක්‍රිඩා අමාත්‍යාංශය මඟින් ජනවාරි 25 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජතික සතිය සහ 30 වන දින ශරීර සුවතා විශේෂ දිනය පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සඳහ විශේෂ සාකච්ඡාවක් අද (12)පෙ.ව. 11.00ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීම අනුව නිරෝගී පරපුරක් බිහිකිරීම උදෙසා ක්‍රීඩාවෙන් ප්‍රවේශයක් ලබාගැනීමේ අරමුණින් ක්‍රිඩා අමාත්‍යාංශය මඟින් ජනවාරි 25 සිට 30 දින දක්වා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජතික සතිය සහ 30 වන දින ශරීර සුවතා විශේෂ දිනය වශයෙන් ප්‍රකශයට පත් කර ඇත.

     

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන,නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච්.එම්.එම්.හරීස් යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya