අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපව්‍යාප්තව අපනයන බෝග පැළ රෝපණ වැඩසටහනක්

    ජනවාරි 11, 2016

    අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීමේ සතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කළේ ය.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ගොඩනැගුණු යහපාලන සම්මුති ආණ්ඩුවේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

     

    ගාල්ල, පෝ්ද්දිවෙල ප්‍රදේශයේ දී උත්සවශ්‍රීයෙන් මෙම පැළ රෝපණ සතිය ආරම්භ කරනු ලැබූවේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

     

    2020 වසර වන විට මෙරට අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධාන කර ඇති වැඩසටහන් මාලාවට සමගාමීව, මෙම පැළ රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කළ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා පැවසී ය.

     

    අමාත්‍ය දයා ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, කාන්තාවන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂයක ආදායමක් ලබා ගත හැකි පරිදි ගෙවතු ආශ්‍රිත ආදායම් ඉපයීමේ වගා ක්‍රමයක් හඳුන්වාදීමට ද කටයුතු කරන බවය.

     

    මෙම ව්‍යාපෘතිය යටතේ මෙම සතිය තුළ රෝපණය කිරීමට අපේක්ෂිත මුළු අපනයන කෘෂි බෝග පැළ ගණන ලක්ෂ දෙකක් පමණ වේ.

     

    මෙම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ද ගොවීන්, අපනයනකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya