මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වෛරසය පැතිර යාමේ අවදානමක් නෑ

    ජනවාරි 11, 2016

    නව ඉන්ෆ්ලුවෙන්සා A H1N1 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානමක්නැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත එම වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා සියළු පියවර මේ වනවිටත් ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    වව්නියාව මහ රෝහලෙන් ඉන්ෆ්ලුවෙන්සා A H1N1 වෛරසය වැළදුන රෝගීන් තිදෙනෙකු හමු වූ බවට මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, රෝහල් කිහිපයක බාහිර රෝගී අංශවවලින් එවැනි රෝගීන් මාසිකව පරීක්ෂා කරන අතර, ඔවුන්ගෙන් ලබාගන්නා රුධිර සාම්පල රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කරනු ලබන බවත්, එම නිසා බාහිර රෝගී අංශවලින් හමුවූ රෝගීන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා කටයුතු කර
    ඇති බවයි.

     

    පසුගිය කාලයේ දිවයිනේ රෝහල් රැසකින් එම ඉන්ෆ්ලුවෙන්සා A H1N1 වෛරසය වැළදුන රෝගීන් වාර්තා වී ඇති බවත්, එම නිසා මේ පිළිබදව ජනතාව බිය නොවිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
    ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya