අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි

    සැප්තැම්බර් 10, 2015
    ජනතා ආර්ථිකය ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරීම සඳහා සියලු දෙනා ම එක්ව කටයුතු කළ යුතු බවත් මෙතෙක් පැවති මෙරට දේශපාලන සංස්කෘතිය යහපත් ගමන් මගකට ගෙනයාමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 
     
    අද (10) පෙරවරුවේ අමාත්‍යංශ පරිශ‍්‍රයේ පැවති අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
    "මම ප‍්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා 2015 මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නට සහයෝගය දුන් සියළු ජනතාවට. ඊයේ දිනයේදී මම ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. මේ රටට සේවයක් කරන්නට මෙම අමාත්‍යාංශය මා හට පිරිනැමූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්  මම ස්තූතිවන්ත වෙනවා. පසුගිය කාලයේ මම තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා  එදා වගේම මෙවරත් මට අග‍්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ආයතනයක අමාත්‍යධුරයක් ලබාදීම පිළිබඳ ව මම ඉතාමත් සතුටු වෙනවා".
     
    "ජනවාරි 08දා මේ රටේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ජනතාව අපට අවස්ථාවක් ලබාදුන්නා. මෙවර මහ මැතිවරණයෙන් එය තවත් ස්ථාවර කර තිබෙනවා. සියළු දෙනාම වෙනුවෙන් වූ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මෙන්ම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ සංවර්ධනය සිදුකරන්නට පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේ මෙන් ම ජනතාවගේත් සහයෝගය  ඉතාමත්ම වැදගත්. මේ රටට අවශ්‍ය රැකියා උත්පාදනය ආර්ථික වර්ධනය සහ රටේ සංවර්ධනය යන අංශයන් දියුණු කරන්න මට මෙම අමාත්‍යාංශය හිමිවීම හරහා අවස්ථාවක් ලැබේවි". 
     
    තම අමාත්‍ය ධුරය හරහා තමාට ලැබෙන වගකීම නිසි පරිදි ඉටුකරමින් මේ රටට සේවයක් කිරීම තම බලාපොරොත්තුව බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  හර්ෂ ද සිල්වා, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්.රෆීක් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya