අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සල්ලි වැරදි විදියට දෙන්න කියලා ඉල්ලා තියෙනවා නම් ඔප්පු කරන්න

    ජූනි 22, 2015
    සමෘද්ධිය තුළින් වත්මන් ආණ්ඩුව සල්ලි බෙදමින්, සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සිදුකරන්නේ දේශපාලන අල්ලස්දීමක් බව, ඇතැමුන් ප‍්‍රකාශ කළත්, එය මුළුමනින්ම අසත්‍ය බවත්  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
     
    අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ඇලපාත, ප‍්‍රදේශයේදී පැවති ජනහමුවකදීය.
     
    තමාගේ මැතිවරණ බල ප‍්‍රදේශය වන නිවිතිගල ආසනයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙන් එකක හෝ ජනතාවට සමෘද්ධිය අසාධාරණ ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ලබාදුන්නේයැයි ඔප්පු කළහොත් තමන් ඇමතිකමෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ඉවත්වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    සජිත් ඇමතිතුමා බොහොම අවංක, නීතියට ගරුකරන ඇමති කෙනෙක්. එතුමා කවදාවත් එහෙම අසාධාරණකම් කරන්නේ නැහැ. දිවිනැගුමෙන් පසුගිය රජය ඡන්ද කාලයේදී සල්ලි දීලා ඡන්ද ගන්න හැදුවා. දැන් ඒවා ඔප්පු වෙමින් තියෙනවා. හැබැයි ඒ අය එහෙම කළාට අපි කරන්නේ නැහැ.   මගේ පක්‍ෂයේ අයගේ සමෘද්ධිය කැපුවා. දෙන්න  ඕනි අයට නොවෙයි සමෘද්ධි සහන දුන්නේ. දුප්පත් අයට දුන්නෙ නෑ. නමුත් අපි ආණ්ඩුවක් පිහිටෙව්වාට, ඒ අයගේ සමෘද්ධි අහිමි කළේ නෑ.
     
    අපේ අයටත් අපි අසාධාරණ විදිහට දුන්නේ නෑ. පුළුවන් නම් මම වැරදි විදිහට සමෘද්ධි සල්ලි දෙන්න කියලා ඉල්ලලා තියෙනවා කියලා ඔප්පු කරන්න. එදාට මම මේ ඇමතිකමෙන් විතරක් නෙවෙයි දේශපාලනයෙන්ද ඉවත් වෙනවා.” යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya