අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” යාපනය දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ ''සිව්වන දිනය'' තුළ වැඩසටහන් 424ක් මෙතෙක් නිම කළ වැඩසටහන් ගණන 2578ක්

    අගෝස්තු 27, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ක්‍රියාත්මක කෙරෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ සිව්වන දිනය වූ ඊයේ (26) දිනය තුළ පමණක් මහජන සහන ව්‍යාපෘති 918 ක් ක්‍රියාත්මක කරනු ලැබූ බව යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව 2019 අගෝස්තු 23 දින සිට මේ වන තෙක් දින 04 ක් පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැඩසටහන් 2578 ක් ක්‍රියාත්මක කර අවසන් කර ඇත.

    යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ට අයත් ග්‍රාමනිලධාරි වසම් 435ක් පුරා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක විය. ඒ අනුව, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 35ක්, වේලනෙයි හි ව්‍යාපෘති 126ක් , කයිට්ස් හි ව්‍යාපෘති 50ක් , කරෙයිනගර් හි ව්‍යාපෘති 50ක්, යාපනයේ ව්‍යාපෘති 83ක්, නල්ලූර්හි ව්‍යාපෘති 42ක්, සන්ඩිලිප්පායිහි ව්‍යාපෘති 31ක්, ඡන්කානෙයි හි ව්‍යාපෘති 62ක්, උඩුවිල්හි ව්‍යාපෘති 69ක් , තෙල්ලිපලෙයි හි ව්‍යාපෘති 71ක් , කෝපායි හි ව්‍යාපෘති 60ක් , චාවකච්චේරි හි ව්‍යාපෘති 67ක් , කරවෙඩ්ඩි හි ව්‍යාපෘති 81ක් , පේදුරු තුඩුවේ ව්‍යාපෘති 51ක් හා මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 82ක් වශයෙන් ඊයේ දිනයේදී ක්‍රියාත්මක කරන ලදී.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සියලු රාජ්‍ය ආයතන සහභාගි කරගෙන ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන ගැටලු බොහොමයකට සහන සැලසෙන බව ඊයේ (26) මෙම වැඩසටහනේ ප්‍රගතිය දැනුම් දීමට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයට සෘජුවම බලපාන පානීය ජල ගැටලුවට හා රැකී රක්ෂා ගැටලුවට මෙම වැඩසටහන තුළින් සහන සැලසෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන වකුගඩු රෝග නිවාරණ වැඩසටහන තුළින් දිස්ත්‍රික්කය පුරා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු පද්ධති පිහිටුවන අතර, ජල ගැටලු වලට මුහුණ දී ඇති ප්‍රදේශ වල ජනතාව සඳහා ගෘහස්ත ජලපෙරණ ලබාදීමද සිදු කෙරේ.


    අධ්‍යාපනය කෙරෙහි වඩාත් නැඹුරු වූ උද්‍යෝගිමත් තරුණ පිරිසක් ජීවත් වන යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීය හා රැකීරක්ෂා ඉල්ලුම වඩාත් ඉහළ තලයක තිබෙන බව මෙහිදී අවධාරණය කළ දිස්ත්‍රික් ලේකම් වරයා ග්‍රාමශක්ති හා ස්මාර්ට් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුළින් එම අවශ්‍යතාව සම්පූර්ණ වන බවද පෙන්වා දුන්නේය. තරුණයින්ට අවශ්‍ය නූතන තාක්ෂණය හා සබැඳි වෘත්තීය මාර්ගෝපදේශනය සපයන නව ස්මාර්ට් ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මෙම වැඩසටහනේ අවසන් දින එනම් අගෝස්තු 30 දින ජනාධිපතිතුමාගේ සුරතින් යාපනයේදී විවෘත කිරීමටද නියමිතව ඇත.

    යාපනය දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.