අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායක මාධ්‍යය අංශය නිකුත් කර ඇති නිවේදනය

    නොවැම්බර් 07, 2018

    පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින  පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද(2018-11-07 දින) පස්වරුවේ පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.

    එදින න්‍යායපත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගරු ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.

    අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

    දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.

    දැනට පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් ජනිතව ඇති විදේශ ආයෝජන ක්ෂේත්‍රයෙහි  හා කොටස් වෙළඳපොලහි බිඳවැටීම මෙන්ම ආර්ථිකයට සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ද කඩිනමින් සමනය කර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීය තත්වයක් එතුළින් ගොඩනගාගත හැකිවනු ඇතැයි කථානායකවරයා අවධාරණය කළේය.

    කථානායක මාධ්‍යය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.