නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත කිරීම 11දා

    මාර්තු 09, 2015
    ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ රජයේ මූලික අරමුණ පෙරදැරිව , මෙතෙක් නාට්‍යකරුවන්ට බලවත් අඩුවක් ව පැවැති නාට්‍ය පුහුණු පාසැලක් හා නාට්‍ය පිළිබඳ පර්යේෂණ ආයතනයක්  පිහිටුවීමට සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    මෙම ආයතනය ලබන 11දා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා අතින් බත්තරමුල්ල, තලංගම පොලිසිය පාරේ හීනටිකුඹුරේ දී විවෘත කෙරේ.
     
    එම නාට්‍ය පුහුණු පැසල, ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට අනූපමය සේවයක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ට උපහාර පිණිස ඔහුගේ නමින් නම් කිරීමට කටයුතු කෙරේ.
     
    මෙම අවස්ථාවට ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya