ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් වූ වැඩසටහන් සංවිධානය කිරීම සහ ඉදිරිපත් කිරීමේ අරමුණ පෙරදැරිකර ගනිමින් ඒවිඒෂන් වොයිස් සංවිධානය විසින් ‘ස්කයි ෆියෙස්ටා 2015’ වැසටහන සංවිධානය කරන ලදී. ඒවිඒෂන් වොයිස් යනු ගුවන් කර්මාන්තයට දැඩි උනන්දුවක් මෙන්ම කැමැත්තක් දක්වන ස්වේච්ඡා පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි මහතා සහභාගී විය.
ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා, සහකාර කළමණාකාර බුද්ධික හේවාවසම් මහතා, රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා, ගුවන් සේවා කර්මාන්තය හා සම්බන්ධ පිරිස්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
වැඩසටහනේ විශේෂ අංග ලෙස පැරා මෝටරින් ඉසව්, දුරස්ථපාලක ගුවන් යානා සංදර්ශන/ තරග, වැඩමුළු, ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රීඩා කලාප (Game Zones), ගුවන් සේවා විලාසිතා දැක්මක්, දැනුම මිනුම තරග ආදී ඉසව් රාශියක් ද පැවැත්විණ.
ස්කයි ෆියෙස්ටා 2015 හා සමඟාමීව පවත්වන ලද හොඳම පාසල් ගුවන් සේවා සමාජය තේරීමේ තරගයේ පිරිමි අංශයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයත් කාන්තා අංශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයත් තේරී පත්වීම ද කැපී පෙණුනි.
‘ස්කයි ෆියෙස්ටා 2015’ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසල විසින් ලබාදුන් අතර සහාය අනුග්‍රාහකත්වය හොබිටෙක් ලංකා විසින් ලබා දෙන ලදී.
‘ස්කයි ෆියෙස්ටා 2015‘ සඳහා සහභාගී වූ පිරිස් වැඩසටහන සඳහා සජීවීව දායක වූ අතර ගුවන් සේවාව සම්බන්ධයෙන් ඔවුන් තුළ වන උනන්දුව ශ්‍රී ලංකාවේ අනාගත ගුවන් කර්මාන්තයේ දියුණුවට ඉතා වැදගත් වනු ඇත.
SDF