නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැටපත් පවුරේ ආරක්ෂාවට ආවරණයක්

    පෙබරවාරි 24, 2015
    සීගිරියේ කැටපත් පවුරට සිදු ව ඇති විනාශකාරී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා එහි තත්ත්වය දැක ගැනීමට සංස්කෘතික හා රාජ්‍ය කටයුතු පිළිබඳ  අමාත්‍යංශයේ අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගිය දා සීගිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී සීගිරි කැටපත් පවුරට ආලෝකය වැටෙන පරිදි විනිවිද පෙනෙන අයුරින් ආරක්ෂිත ආවරණයක් හා කැටපත් පවුරේ ඉහළට පියස්සක් ඉඳිකිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
     
    කුරුල්ලන්ගේ වසුරු මඟින් ද කැටපත් පවුරට සිදුවන බලපෑම අවම කිරීමට මෙම වහළය ඉදිකිරීම මඟින් බලාපොරොත්තු වේ.
     
    මෙහිදී අමාත්‍යවරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ දින 100 වැඩපිළිවෙළ යටතේ කඩිනමින් මෙම ඉදිකිරීම සිදු කරන බවයි. එමෙන්ම මේ සඳහා පුරාවිද්‍යාඥයන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද කමිටුවක් පිහිටුවා එහි උපදෙස් ලබා ගෙන ඉඳිකිරීම් සිදු කිරිමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
     
    සීගිරි සංචාරකයන්ට පවතින පහසුකම් සොයා බලා එම පහසුකම් වැඩිදියුණු කිරිමට ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
     
    එම අවස්ථාව සඳහා සීගිරි ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසේන මහතා ද එක් විය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya