මේ වෙනුවෙන් 513 බලසේනාවේ සෙබළුන් 70 දෙනෙකුට ආසන්න පිරිසක් එක්ව කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වූහ.
කෝවිල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව දෙවන දිනයේ දී මේ සඳහා සහභාගි වූ 500 දෙනෙකු වෙත ආහාර පිසීමට අවශ්‍ය වියළි සලාක යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලබා දෙන ලදී.
එදින යුද හමුදාව විසින් විශේෂ පූජාවක් ද සංවිධානය කර තිබූ අතර, මේ සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්. තිරුවානකිරසු, 513 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා සහ යුද හමුදා සාමාජිකයෝ 150 ක් පමණ සහභාගී වූහ.
NDH/army.lk