නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලට අයඳුම්පත් කැඳවයි

    පෙබරවාරි 08, 2015
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා අයඳුම්පත් භාරගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
     
    ඒ අනුව සියලු ම අයඳුම්කරුවන් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර නාට්‍යයේ පිටපත් 03ක් සහ සාරාංශ පිටපත් 03ක් සහිත ව අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වේ. සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම මේ සඳහා නාට්‍ය ඉදිරිපත් කළ හැකිය.
     
    අයඳුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු වන අතර ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර "රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල - 2016" යනුවෙන් සඳහන් කළ යුතුය. 
     
    දිවයින පුරා ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම සංස්කෘතික නිලධාරී මගින් අදාළ අයඳුම්පත් හා ව්‍යවස්ථාව ලබාගත හැකිය. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 872 385 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya