පෙරහැර පැවැත්වෙන දෙ දින පස්වරු 7.00ට ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහර සර් ජේම්ස් පීරිස් මාවත, ශ්රී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර නුගේ හන්දියෙන් නැවත ශ්රී ජිනරතන මාවතට පිවිස නවම් මාවත ඔස්සේ අරලියගහ මන්දිරිය පරිශ්රය ආශ්රිත බේරේ වැව වටා සංචාරය කර නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.
පෙරහැරට ආශිර්වාද ලබාගැනීම සඳහා පසුගිය සෙනසුරාදා ආරම්භ කළ මල් පෙරහැර පළමු වැනිදා දක්වා පැවැත්වේ.
පොලිස් දෙපාර්තමේන්තුව, ත්රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තු සංස්කෘතිකාංගයන්ට අමතර ව රටපුරා විසිරි සිටින 2000කට අධිකි කාලකරුවන් පිරිසක් ද අලි ඇතුන් 40ක් පමණ ද නවම් පෙරහර අලංකාරවත් කෙරේ.
DB