මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SLRC නව සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක

    ජනවාරි 12, 2015
    ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පත් කර ඇත. ඒ මහතා අද (12) සිය පදවියේ වැඩ භාර ගැනීමට නියමිතය.
     
    ජනපි‍්‍රය චිත්‍රපට වන සිරිපැරකුම්, සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී, සමනල තටු, සිරි රජසිරි, බිංදු ඇතුළු චිත‍්‍රපටවල අධ්‍යක්ෂවරයා ද ඔහුයි. 
     
    දිසානායක මහතා ඓතිහාසික දඹදෙණිය පුරවරයේ උපත ලබා මුතුගල කනිෂ්ඨ විදුහල හා දඹදෙණිය මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා නාරම්මල මයුරපාද මධ්‍ය විදුහලෙන් උසස්‌ අධ්‍යාපනය ලැබීය.
     
    ඒ මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විකිරණ විද්‍යාව පිළිබඳ උපාධියත්, ඕස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයෙන් රූපවාහිනී හා සිනමා අධ්‍යක්‍ෂණය පිළිබඳ එම්.ඒ. උපාධියත් ලබා ඇත.
     
    සාහිත්‍ය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන කලා ක්‍ෂේත්‍රයන් උදෙසා රටට කර ඇති නිර්මාණ දායකත්වය අගයමින් 2011 වසරේ දී ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී. ආචාර්ය උපාධිය ද ඒ මහතාට පිරිනමා ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya