මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය මුරුතාමුරේ මුනින්දවංශ නාහිමියන්ගේ‍ ආදාහන පූජෝත්සවය හෙට

    ජනවාරි 11, 2015

    ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන විහාරාධිපති ශ්‍රී සිරිවංශ වංශාලංකාර ධර්මාචාර්ය පූජ්‍ය මුරුතාමුරේ මුනින්දවංශ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (12) පස්වරු 3.00ට ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.


    පසුගිය 08දා අපවත් වී වදාළ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට ප්‍රාදේශිකයේ දිසාපාලක පදවිය ද හෙබවීය.


    අපවත් වන විට 89 වැනි වියෙහි පසු වූ පූජ්‍ය මුනින්දවංශ නාහිමිපාණෝ උගත්, ගුණවත් පැවිදි ශිෂ්‍යයන් විශාල පිරිසකගේ ආචාර්ය වහන්සේ නමක් වන අතර සම්භාවනාවට පත් විහාරස්ථාන 10ක විහාරාධිපතිත්වය දැරූ සංඝ පිතෲන්වහන්සේ නමක් ලෙස ද ප්‍රසිද්ධ වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya